26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව විශාලතම මීයන් 04ක් දෙහිවලට

ලොව විශාලතම මීයන් 04ක් දෙහිවලට

ලොව විශාලතම මීයන් වර්ගය වන කැපිබරා මීයන් යුවළ 02ක් දෙහිවල සත්වෝද්‍යානයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

ස්ලෝවැකියානු සත්වෝද්‍යානයෙන් ගෙන එන ලද කැපිබරා යුගල දෙකක් ලබන මස මුල් සතියේ ප්‍රදර්ශනය කිරීමට නියමිත බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත පවසයි.

ජලය ආසන්නයේ ජීවත් වන මෙම කැපිබරා විනාඩි පහක පමණ කාලයක් දිය යට හුස්ම රඳවා තබා ගැනීමට සමත් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Capybara යනු ශාක භක්ෂක සත්ත්වයෙක් වන අතර කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට කැමැත්තක් දක්වයි. සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙම මස මුල් සතියේදී ඔවුන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

මාසයක නිරෝධායන කාලයකින් පසුව ඔවුන් සිව්දෙනා මහජන ප්‍රදර්ශනයට තබනු ඇති.