31.1 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයෙන් පසු සොයාගත් අවි ආයුධ රැසක් මුහුදු පතුලට

පාස්කු ප්‍රහාරයෙන් පසු සොයාගත් අවි ආයුධ රැසක් මුහුදු පතුලට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුකරන ලද වැටලීම්වලදී සොයා ගත් කඩු 1000කට අධික ප්‍රමාණයක් ඇතුළු රාජසන්තක කළ නඩු භාණ්ඩ රැසක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා තිබේ.

ඒ අනුව උල් ආයුධ, බෝම්බ කොටස්, තුවක්කු 08ක්, ගල් කටස් වර්ගයේ තුවක්කු 10ක් ඇතුළු භාණ්ඩ රැසක් රංගල නාවික හමුදා කඳවුරේ සිට මුහුදු සැතපුම් 17ක් දුරින් අඩි 1000ක් ගැඹුරු මුහුදේ ගිල්වා ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ගේ නියෝග පරිදි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ සියල්ල භාරයේ තිබූ කඩු කිනිසි ඇතුළු භාණ්ඩ ගැඹුරු මුහුදේ ගිල්වන අවස්ථාවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ, අධිකරණයේ රෙජිස්ටාර්, නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ඇතුළු අධිකරණ කාර්යය මණ්ඩලයේ පිරිසක්ද එක්වී සිටියහ.