29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldලප නොමැතිව උපත ලැබූ ලොව පළමු ජිරාෆ් පැටවා ඇමරිකාවෙන්

ලප නොමැතිව උපත ලැබූ ලොව පළමු ජිරාෆ් පැටවා ඇමරිකාවෙන්

අමෙරිකාවේ Tennessee’හි Brights සත්වෝද්‍යානයෙන් හරු අපූරු ඩුර්ලභ සිදුවීමක් වාර්තා වෙනවා.

එම සත්වෝද්‍යානය තුළ ලොව ප්‍රථම වරට ලප නොමැතිව ජිරාෆ් පැටවෙක් උපත ලබා තිබෙනවා. මෙම පැටවා ජූලි 31 වැනිදා උපත ලබා ඇති අතර තවමත් නම් තබා නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම ජිරාෆ් පැටවා ගැහැණු පැටවෙක් වන අතර පැටවාගේ මුළු ශරීරයම ඒකාකාර දුඹුරු පැහැයක් ගැනීම විශේෂත්වයකි.

ජිරාෆ් සත්ත්වයින්ට ආවේණික සුවිශේෂී පැල්ලම් රටා මෙම සත්ත්වයාගේ දක්නට නොලැබෙන අතර දැනට අඩි හයක් උසින් සිටින ජිරාෆ් පැටවා මවගේ රැකවරණය යටතේ පෝෂණය ලබනවා.

මෙම පැටවා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජිරාෆ් විශේෂයක් වන අතර එය 2018 දී ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර රතු ලැයිස්තුවට ඇතුළත් කළ බවයි USA Today වෙබ් අඩවිය සඳහන් කරන්නේ.