27.1 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් 10ට පෙර

උසස් පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් 10ට පෙර

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වැනිදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.

2022 (2023) අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මීට පෙර ප්‍රකාශ කළේ.

ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා මෙවර පැවති විභාගයට පාසල් අයදුම්කරුවන් 278196ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 53513ක් පෙනී සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම වසරට අදාළව උසස් පෙළ විභාගය පැවැත්වෙන දින දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.