27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනීතිය අතට ගත් දේශපාලකයන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා

නීතිය අතට ගත් දේශපාලකයන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා

නීතිය අතට ගෙන ක්‍රියා කරන දේශපාලයින්ට හෝ ඕනෑම පුද්ගලයකුට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

අමාත්‍යවරයා වැඩිශුරටත් කියා සිටියේ පසුගියදා වතුකරයේ වූ සිද්ධියකට අදාළව මහජන නියෝජිතයකු විසින් ජනතාව ප්‍රකෝප කරන ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත් රජය සහ නීතිය අපව ආරක්ෂා නොකරන්නේ නම් එය අපගේ අයිතියක් බව ත් එම මහජන නියෝජිතයා එදින ප්‍රකාශ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවැනි වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වතුකරය ඇතුළු සමස්ත ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.