22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමියගිය බව කියන සිම්බාබ්වේ ක්‍රිකට් තරුව ජීවතුන් අතර

මියගිය බව කියන සිම්බාබ්වේ ක්‍රිකට් තරුව ජීවතුන් අතර

සිම්බාබ්වේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හීත් ස්ට්‍රීක් මිය ගිය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සිම්බාබ්වේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක හෙන්ඩ්‍රි ඔලොංගා පවසනවා.

හිටපු වේග පන්දු යවන ක්‍රීඩක හෙන්රි ඔලොංගා, හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයා සමඟ සමාජ මාධ්‍ය ජාලයක සිදුකළ කතාබහක කොටසක් ට්විටර් හෙවත් එක්ස් සමාජ මාධ්‍ය සමග බෙදාගනිමින් මේ බව සදහන් කර තිබෙනවා.

“හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ කටකතා අතිශයෝක්තියට නංවා ඇති බව මට තහවුරු කළ හැකිය. මම ඔහුගෙන් අසා දැන සිටියෙමි.” යනුවෙන් ඔලොංගා අදාළ කතාබහේ කොටස සමාජ මාධ්‍ය වෙත එක්කරමින් පවසා තිබුණා.

විදෙස් මාධ්‍ය ‍රැසක් අද උදෑසන වාර්තාකර තිබුණේ සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි තරුවක් වන හීත් ස්ට්‍රීක් පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බවයි.