28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශාෆ්ටර් මියයන විට ඇඳ සිටි ඇඳුම් ගැන අධිකරණ නියෝගයක්

ශාෆ්ටර් මියයන විට ඇඳ සිටි ඇඳුම් ගැන අධිකරණ නියෝගයක්

දැනට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මරණයට පත් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලබාගෙන ඒවා ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

එම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම විසින් මරණය සිදු වූ ස්ථානයේ සහ මරණකරු සිටි වාහනය තුළ තිබි සොයාගත් ද්‍රව්‍ය විමර්ශන සදහා විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත භාර දෙන ලෙසත් තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව අදාළ පරීක්ෂණය සැප්තැම්බර් මස 05 වනදා යළි කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළා.