27.2 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්තොටුපොළට මගීන් රැගෙන ගිය සැප බසයක් ගිනි ගනී

ගුවන්තොටුපොළට මගීන් රැගෙන ගිය සැප බසයක් ගිනි ගනී

යාපනයේ සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා මගීන් රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් මීගමුවේදී ගිනිගෙන තිබේ.

අද (24) අලුයම 4.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.

මගීන් 35 දෙනෙකු විදේශගතවීම සඳහා රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී බස් රථයකුයි මෙම ගිනි ගැනීමට ලක්ව ඇත්තේ.

බස් රථයේ සිටි මගීන් නිරුපද්‍රිතව බේරාගෙන ඔවුන් වෙනත් වාහනවලින් ගුවන්තොටුපළ වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවේදී මීගමුව ගිනි නිවන ඒකකය එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කර ඇති අතර මෙම ගින්න හේතුවෙන් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.