28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිල්ලි ගුවන් යානය ගැන ශ්‍රී ලංකන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

දිල්ලි ගුවන් යානය ගැන ශ්‍රී ලංකන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

කොළඹ සිට දිල්ලි බලා පියාසර කරමින් තිබූ UL 195 දරණ ගුවන් යානය ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් කළ බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ (23) UL 195 ගුවන් යානයේ හදිසි අවස්ථාවක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත් ගුවන් යානය එහි හයිඩ්‍රොලික් පද්ධති තුනෙන් එකක සුළු ගැටලුවකට මුහුණ දී ඇති බවත්, එවැනි සිදුවීම් වරින් වර සිදුවන බවත්, ඒවා හැසිරවීමට ගුවන් කාර්ය මණ්ඩලය පූර්ණ පුහුණුව ලබා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.