30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධීවර සංස්ථාවේ මාළු දැන් online හරහා නිවසටම

ධීවර සංස්ථාවේ මාළු දැන් online හරහා නිවසටම

ලංකා ධීවර සංස්ථාවේ මත්ස්‍ය නිෂ්පාදන online ක්‍රමවේදය හරහා නිවසට ගෙන්වා ගැනීමට හැකි බව ධීවර රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන ආහාර සහ භාණ්ඩ බෙදා හරින සේවා හරහා නිවෙස් වෙත ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන් හට අවකාශය උදාකර දී ඇති බවයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පැවසුවේ.

ඊයේ (23) නාරාහේන්පිට, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි H18 නම් වූ ධීවර සංස්ථා වෙළෙඳසලක් නවීකරණය කර නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව පළමු අදියරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට මෙම පහසුකම සැලසෙනු ඇත.