29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රිජ්වේ ආර්යා ළමා රෝහලට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රිජ්වේ ආර්යා ළමා රෝහලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අද උදෑසන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණ තිබෙනවා.

මෙම සංචාරයේදී ක්‍රිකට් ක්‍රීඩකයින් රෝහලේ හෘද රෝග වාට්ටුවේ සහ හෘද උරස් වාට්ටුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය මෙම සංචාරයට සහභාගී වූ බවයි.

ඔවුන් පිළිගනු ලැබුවේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය සහ Little Hearts ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ විසින්.

‘ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියේ’ දැනට කරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් ක්‍රීඩකයින් දැනුවත් කිරීම ද සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස් ව්‍යාපෘතිය’ සඳහා රුපියල් මිලියන 100ක් ද පරිත්‍යාග කර තිබුණා.

මෙම අරමුදල් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Cardiac and Critical Care Complex’ ගොඩනැගීමට යොදා ගන්නා අතර එය ගොඩනඟන ලද පසු, සංජානනීය හෘද රෝග (congenital heart diseases) සහ බරපතල රෝගාබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමට උපකාරී වනු ඇති.