26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් ළඟ තබාගෙන සිටි කොස්තාපල්ගේ වැඩ තහනම්

හෙරොයින් ළඟ තබාගෙන සිටි කොස්තාපල්ගේ වැඩ තහනම්

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 16 වැනිදා මෙම පොලිස් කොස්තාපල්වරයා මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් මිලිග්‍රෑම් සියයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්පිටිය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුගේ වන අතර ඔහුගේ වැඩ තහනම් කිරීමටද පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.