සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘කෘෂිකාර්මික අංශයේ නවීකරණය සහ එහි අභියෝග’ යන තේමාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සංසදයක් අමතමිනි.
එහිදීඉ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මහ කන්නය තෙක් ප්‍රමාණවත් තරම් සහල් තොග පවතින බැවින් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව සතුව මේ වනවිට කන්න තුනක වී අස්වනු ඇති බව වාර්තා වී ඇති බවත් සහල් ආනයනය කළ හොත් ගොවි ජනතාවගේ වී අස්වැන්න අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවත් අමාත්යාරයා අවධාරණය කළේය.