31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 03ක හෙරොයින් සමඟ කොස්තාපල් අත්අඩංගුවට

කෝටි 03ක හෙරොයින් සමඟ කොස්තාපල් අත්අඩංගුවට

රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 95 ක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසුවේ මාතලේ ප්‍රදේශයේදී හෙරොයින් සමඟ මෙම වැඩ තහනමකට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවකුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදීයි මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත්තේ.

වැඩ තහනමකට ලක්ව ඇති මෙම පොලිස් කොස්තාපල්වරයා මෙම හෙරොයින් අධිකරණයකින් සොරාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරන්නේ.