27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපච්ච සහිත පුද්ගලයන්ගෙන් රුධිරය ලබා ගන්නේ නැහැ

පච්ච සහිත පුද්ගලයන්ගෙන් රුධිරය ලබා ගන්නේ නැහැ

මින් ඉදිරියට පච්ච (tatoos) කොටා ඇති පුද්ගලයින්ගෙන් රුධිරය ලබාගැනීම සිදු නොකරන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ පච්ච කෙටීම හේතුවෙන් සමාජ රෝග බෝවීමේ ප්‍රවණතාවය ඉහළ යාම සහ මෙරට ටැටූ මධ්‍යස්ථාන බොහොමයක් නියමිත සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එක් රුධිර දායකයෙකුගේ රුධිරය සංඝටක ලෙස වෙන් කර රුධිර ග්‍රාහකයින් හතර දෙනෙකුට පමණ ලබා දීමක් සිදුවන බැවින් ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් අනවශ්‍ය අවධානමක් නොගැනීමට ජාතික රුධිර පාරවිලයන සේවය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පච්චයක් හෝ සම විනිවිද යැවීමක් සිදුකරමින් කරාඹු දැමීම වැනි කටයුතු සිදුකර ඇති පුද්ගලයින් අදාළ කටයුත්ත සිදුකොට වසරක් යනතුරු රුධිරය දායකයින් ලෙස සම්බන්ධ කර නොගන්නා බව ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.