28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට්ටිපොල වෙඩි තැබීමක්

හෙට්ටිපොල වෙඩි තැබීමක්

කුලියාපිටිය – හෙට්ටිපොල මාර්ගයේ කුරුදුකුඹුර හන්දියේදී ඊයේ (24) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී 9.45ට පමණ වෙඩි තබා පළා ගොස් ඇති බවයි හෙට්ටිපොල පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සදහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මූනමල්දෙණිය – අකරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චන්දන සෙනරත් ජයකොඩි හෙවත් ‘කොණ්ඩයා’ නැමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයාට හෙට්ටිපොල – වස්වත්ත ප්‍රදේශයේ ලැගුම්හලක් පවත්වා ගෙන යන අයෙකු වන අතර ඔහුට අනියම් සම්බන්ධතා කීපයක් ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු මේ සම්බන්ධයෙන් සිදුකරනු ලබනවා.