26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම මවට ප්‍රතිකාර කිරීමට සේවය හැර ගිය පොලිස් පුතා

තම මවට ප්‍රතිකාර කිරීමට සේවය හැර ගිය පොලිස් පුතා

රෝගාතුරව නිවසේ සිටින මවට ප්‍රතිකාර ලබා දීමට යාමට නිවාඩු ලබා නොදුන් බව පවසමින් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු පොලිස් පොතේ සම්බන්ධව සටහනක් තබා රාජකාරියෙන් බැහැරව ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

රෝගාතුරව සිටින බව මව බැලීමට යාමට නිවාඩු ඉල්ලා සිටියත් එම නිවාඩු අනුමත නොකිරීම නිසා තමාට තවදුරටත් රාජකාරි කරගෙන යෑමට තරම් මානසික තත්ත්වයක පසු නොවන බවයි ඔහු පොලිස් පොතේ පිටු අතර සටහන් කර තිබුණේ.

දින 60ක කාලයක් නිවාඩු ලබා නොගෙන රාජකාරි කර ඇතත් රෝගාතුරුව සිටින සිටින මව බැලීමට යෑමට නිවාඩු අනුමත කර නොදුන් නිසා ආධුනික පොලිස් කොස්තාපල්වරයා සිත් වේදනාවෙන් පසුවූ බවද වාර්තා වෙනවා.