27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදෙබර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දෙබර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පනය තවසිකුලම ප්‍රදේශයේදී දෙබර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඊයේ (26) සවස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොඩිකාමම් පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා පෙරේදා දෙබර ප්‍රහාරයකට ලක්ව යාපනය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ තවසිකුලම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා කෝවිලට යන අතරමග තල් ගසකින් වැටී තිබූ තල් ගෙඩියක් ඇහිඳීමට යාමේදී බිම වැටී ඇති තල් අත්තක තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් දෂ්ඨ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී තිබෙනවා.