27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝගියෙකු රෝහල් ගොඩනැගිල්ලෙන් පැන දිවි තොර කරගනී

රෝගියෙකු රෝහල් ගොඩනැගිල්ලෙන් පැන දිවි තොර කරගනී

කොළඹ මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවත පිහිටි වකුගඩු රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන තිබෙන බව මාලිගාවත්ත පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තිස් එක් හැවිරිදි වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වෙනවා.

එම රෝහලෙහි 4වන මහලේ ජනේලයකින් බිමට පැන තිබෙන බව අනාවරණය වුවද සියදිවි හානිකර හානි කර ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී
නොමැති බව පොලිසිය පවසනවා.

මාලිගාවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.