27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇෆ්ගන් කාන්තාවන්ට තවත් තහනමක්

ඇෆ්ගන් කාන්තාවන්ට තවත් තහනමක්

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බාමියන් පළාතේ Band-e-Amir ජාතික වනෝද්‍යානය නැරඹීමට කාන්තාවන්ට තහනම් කර තිබෙනවා.

කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබය පිළිබඳව සැළකිලිමත් නොවන බව එරට අමාත්‍ය මොහොමඩ් කලීඩ් හනාෆි පවසා ඇති අතර විසඳුමක් ලැබෙන තුරු කාන්තාවන්ට ඇතුළුවීම තහනම් කරන ලෙසයි ඔහු ආගමික පූජකවරුන්ගෙන් සහ ආරක්ෂක ආයතනවලින් ඉල්ලා ඇත්තේ.

Band-e-Amir යනු සැලකිය යුතු සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් වන අතර
එය පවුල් පිටින් පැමිණ විනෝද වීම සඳහා ජනප්‍රිය ස්ථානයකි.

තලේබාන් සංවිධානය විසින් 2022 දෙසැම්බරයේදී කාන්තාවන්ට පාසල් පැමිණීම තහනම් කරනු ලැබූ අතර මේ වනවිට විවිධ දෑ තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.