27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඌව වෙල්ලස්ස සරසවිය අද යළි ඇරඹෙයි

ඌව වෙල්ලස්ස සරසවිය අද යළි ඇරඹෙයි

දින නියමයක් නොමැතිව වසා දමා තිබූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ 2 වන වසර සියලුම පීඨවල අධ්‍යයන කටයුතු අද (28) සිට යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පවසයි.

2 සහ 3 වසර පීඨවල සරසවි සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් පසුගිය ජූලි මස 18 වැනිදා සිට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ 2 සහ 3 වසර සියලුම පීඨවල සරසවි සිසුන්ට සරසවි භූමිය තහනම් කලාපයක් කරමින් නැවත දැනුම් දෙන තුරු නිවාඩු ලබා දීමට විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පියවර ගත්තේය.