27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්තොටුපොළ කලාපයේ සරුංගල් යැවීම තහනම්

ගුවන්තොටුපොළ කලාපයේ සරුංගල් යැවීම තහනම්

රත්මලාන, කටුනායක, මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිත කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ පාලනාධිකාරිය පවසයි.

මගී ගුවන් යානාවලට විශාල අනතුරක් සිදු විය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති අතර මේ බව ජනතාවට දැනුම්දීම සඳහා ගුවන්තොටුපළ විසින් ජංගම රථයක්ද යොදවා ඇත.

THE CEYLON AIR NAVIGATION REGULATIONS, 1955 ගුවන් සංචරණ රෙගුලාසි 1955 පනතේ 248 වගන්තියට අනුව සරුංගලයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් ගුවන්ගත කරන්නේ නම් ඒ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලිඛිත අනුමැතියක් තිබිය යුතුය.

කෙසේනමුත් ගුවන්යානා නීතියට අනුව කිලෝමීටර් පහක ප්‍රමාණයක් ඇතුළත අඩි 300ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පා කිරීම තහනම් බවයි ගුවන්තොටුපොළ පාලනාධිකාරිය පවසන්නේ.