32.8 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැක්කන් නිසා පාසලක් වැසෙයි

මැක්කන් නිසා පාසලක් වැසෙයි

බලු මැක්කන් හේතුවෙන් බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය අද (28) සහ හෙට (29) යන දෙදින තුළ වසා තැබීමට කටයුතු කර තිබෙනවා.

බලු මැක්කන් සහ කුඩා වැලි මැක්කන් විශේෂයක් පාසල් භූමිය පුරා ව්‍යාප්ත වී සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති අතර අවශ්‍ය බෙහෙත් වර්ග යොදා මැක්කන් මර්දනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල දින දෙකක් වසා තැබීමට තීරණය කළ බවයි එහි විදුහල්පතිවරිය සඳහන් කළේ.

අයාලේ යන සුනඛයි පාසල තුළ ගැවසීම මෙම ගැටළුවට හේතු වී තිබෙනවා.