26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයක් තාවකාලිකව අත්හිටුවයි

ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයක් තාවකාලිකව අත්හිටුවයි

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයාමේ සිදුවීම පදනම් කර ගනිමින් කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අදාළ ප්‍රතිජීවක ඖෂධය ලබාදෙන අතරතුර කැපුම් තුවාලකට ප්‍රතිකාර ලබාගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙක් පසුගියදා ජීවිතක්ෂයට පත් විය.

අදාළ ඖෂධ කාණ්ඩයේ එන්නත් 21,000 ක් පැවති බවත් ඉන් 18000 ක් මේ වනවිට භාවිතයට ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත් කර තිබේ.