― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපෙම් සබඳතාවට දෙමාපියන් අකමැති නිසා දැරියක් දිවි හැරයයි

පෙම් සබඳතාවට දෙමාපියන් අකමැති නිසා දැරියක් දිවි හැරයයි

නිවිතිගල ප්‍රදේශයේ පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

තම ප්‍රේම සම්බන්ධතාවට දෙමව්පියන් විරෝධය දැක්වීම නිසා දෙමාපියන් සමන්න්හ උරණ වූ මෙම දැරිය දිවි නසාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලේම තවත් සිසුවකු සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරෝධය දැක්වූ නිසා මීට පෙරද සිසුවිය සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිවිතිගල, කිරිබත්ගලවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියකි.