27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldස්පාඤ්ඤ පාපන්දු ලොක්කා සභාපති ධුරයෙන් දොට්ට

ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා සභාපති ධුරයෙන් දොට්ට

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ඔහුට එරෙහිව සිදුකළ විනය පරීක්ෂණයෙන් පසුව මාස 3කට එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ නිමාවූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් විසින් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක්කළ අවස්ථාවේ එම පිලේ ක්‍රීඩිකාවක වූ ජෙනී හර්මෝසෝ ගේ දෙතොල් සිපගැනීම හේතුවෙනුයි ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරනු ලැබූයේ.

එම සිද්ධිය ලෝකයේම අවධානය හිමිකරගත් සිද්ධියක් වූ අතර ලුයිස් රුබියල්ස් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ සතුට වැඩිකමට තමා එම ක්‍රියාව සිදුකළ බවයි.

කෙසේනමුත් එම සිද්ධියට මුහුණදුන් ජෙනී එම සිද්ධිය විවේචනය කර ඇති අතර
ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස බලකරමින් ස්පාඤ්ඤය තුළ විරෝධතාවක් ද ආරම්භ කර තිබුණි.