29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහැටන් බස් නැවතුම්පොළ දින නියමයකින් තොරව වැසෙයි

හැටන් බස් නැවතුම්පොළ දින නියමයකින් තොරව වැසෙයි

ඉතා අබලන් තත්ත්වයක පවතින හැටන් බස් නැවතුම්පොළේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර බස් නැවතුම්පොළ තාවකාලිකව වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

පිරිසිදු නැති බවට මාධ්‍යවල පළ වූ පැමිණිලි සහ වාර්තා පදනම් කරගෙන හැටන් බස් නැවතුම්පොළේ අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි බස් නැවතුම්පොළ නිලධාරීන් පවසන්නේ.

ඒ අනුව හැටන් බොගවන්තලාව, මස්කෙළිය, ඔස්බෝන්, නෝර්ටන්, කාසල්රී, සාංචිමලේ, ඕල්ඩන්, බෝඩයිස් යන ප්‍රදේශවලට යන බස් රථ හැටන් තැපැල් කාර්යාලයේ සහ සුසී රෙදිපිළි අලෙවිසැල අසළ නතර කරන බව නිවේදනය කර ඇත.

එමෙන්ම හැටන්-කොළඹ, මහනුවර-තලවකැලේ, වටවල-නාවලපිටිය-නුවරලිය-ප්‍රදේශය ඇතුළුව එම ප්‍රදේශයේ සිට ගමන් කරන පෞද්ගලික-රජයේ බස් රථ කාගිල්ස් ෆුඩ් සිටිය අසළ නතර කරන බවද නිවේදනය කර ඇත.