19.3 C
London
Monday, October 2, 2023

අත්අඩංගුවේ සිටි සැමියාට බත් පාර්සලයේ අයිස් සඟවා එවලා

පින්වත්ත පොලීසිය මගින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් බාරයේ සිටියදී එම පුද්ගලයාට කෑමට රැගෙන ආ බත් පාර්සලය පරික්ෂා කිරීමේදී අයිස් පැකට් 5ක් සොයා ගැනීමට හැකි වූ බව පින්වත්ත පොලිසිය පැවසීය.

මෙම පුද්ගලයා පොලිස් බාරයේ සිටියදී එම පුද්ගලයාගේ බිරිඳ තම ස්වාමි පුරුෂයාට ලබා දෙන ලෙස අත්අඩංගුවේ සිටි පුද්ගලයාගේ බිරිඳ වෙනත් පුද්ගලයකුට බත් පාර්සලයේ ලබාදී ඇති අතර පොලිස් කූඩුවේ සිටි පුද්ගලයාට ලබාදීමට පෙර පොලිසිය විසින් කෑම පාර්සලය පරික්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් පැකට් 5ක් සොයා ගැනීමට හැකි වී ඇති අතර කෑම පාර්සලය රැගෙන පැමිණි පුද්ගලයා ගෙන් මෙම සිද්ධිය පිළිබඳව විමසීම් කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් තමාට මෙම කෑම පාර්සලය කූඩුවේ සිටින පුද්ගලයාට ලබා දෙන ලෙස එම පුද්ගලයාගේ බිරිඳ විසින් ලබා දුන් බවයි.

ඉන් අනතුරුව මෙම සිදුවීම පිළිබඳව විමර්ශන කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වූ පින්වත්ත පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව සිටින මාදු පිටියේ නිවසට ගොස් ඇති අතර නිවස සහ නිවසේ සිටින කාන්තාවක් පරික්ෂා කිරීමට යාමේදී පරීක්ෂණ කටයුතුවලට බාධා කරමින් පොලිස් නිලධාරීන් (සපා කා) පරීක්ෂණ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කර ඇති අතර අනතුරුව කාන්තා පොලිස් නිලධාරියා එම කාන්තාවගේ රහස් ප්‍රදේශයක සඟවා තිබියදී අයිස් ග්‍රෑම් 5ක් සහ මිලිග්‍රෑම් 300 ක් සොයා ගැනීමට පින්වත්ත පොලිසියේ පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ.

මෙසේ අත්අඩංගුවට පත් වූ ස්වාමිපුරුෂයා සහ කාන්තාව මාදුපිටිය පින්වත්ත යන ප්‍රදේශ වැල දීර්ඝ කලක සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදී සිටින පුද්ගලයින් දෙදෙනෙකු බව පිංවත්ත පොලිසියේ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කරන ලදී.

ස්වාමිපුරුෂයා ඊයේ දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර කාන්තාව අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පින්වත පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

26ක් රෝහල්ගත කළ වෙන්නප්පුවේ බඹර ප්‍රහාරය

බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් වෙන්නප්පුව - මාටින් ද ෆොරස්ට් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 26 දෙනෙක් රෝහල්ගත කර තිබේ. තුවාල ලැබුවන් සියලුදෙනා ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර...

කාන්තාවක් එළොව යැවූ සැකකරුගේ මෝටර් රථය හමුවෙයි

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ප්‍රදීපා සිල්වා නම් රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය ඊයේ...

මැතිවරණ කොමිසමට නොතීසි

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here