19.3 C
London
Monday, October 2, 2023

පාතාලයට ගිනි අවි සාදා දෙන පිය පුතු දෙපළ අල්ලයි

විවිධ ආකාරයේ ගිනි අවි සහ උණ්ඩ නිෂ්පාදනය කිරීමේ යෙදුනු බව කියන පිය පුතු දෙපළක් එලෙස සකස් කළ දේපළ රැසක් සමග කල්එළිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමකදීයි මෙම ගිනි අවි ඇතුළු කොටස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ගල්කටස් අවි දෙකක්, තුවක්කු බඳවල් දෙකක්, කොටස් ගලවා වෙන් කරන ලද වායු රයිෆල් දෙකක්, විවිධ ගිනි අවිවල කොටස් රැසක්, ඊයම් කුට්ටි, ඊයම් බෝල, ඊයම් බෝල සැකසීමට යොදා ගත් උපකරණයක්, සකසා ගත් ඊයම් බෝල පුරවා සැකසූ එස්. ජී. වර්ගයේ උණ්ඩ, උණ්ඩ පිරවීම සදහා යොදා ගන්නා බව කියන හිස් පතරොම් කොපු සහ පිහි කිහිපයක් අත්අඩංගුවට ගත් දේපළ අතර වනවා.

මේවා නිපදවීමට උපයෝගී කරගත් උපකරණ ආදිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ස්ථානයේ නිෂ්පාදනය කරන ලද ගල්කටස් අවි කිහිපයක්, පාතාල කල්ලිවල සාමාජිකයන්ට රුපියල් හතලිස් දහසේ සිට විවිධ මිල ගණන්වලට අලෙවි කර ඇති බවද හෙළිවී තිබෙනවා.

මෙම පිය පුතු දෙපළ විදේශ රැකියාවල යෙදී සිටියදී ලබාගත් අත්දැකීම් මත මෙම ව්‍යාපාරය කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

එමෙන්ම මෙහි නිපදවන ගිනි අවි විවිධ අපරාධ කන්ඩායම්වලට කුලී පදනම මත ලබාදී ඇත්ද යන්න අනාවරණ කර ගැනීමට ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම ගිනි අවි නිෂ්පාදන ව්‍යාපාරයට ආධාර අනුබල දුන් පුද්ගලයන් හෙළිකරගෙන අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ලියවන පට්ටල් හිමියෙක් ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය වසා දැමීමට තීරණය කොට තිබෙනවා. පවතින අධික වැසි තත්ත්වයත් සමග කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර කළ බව කියන එම විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here