22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පනවා තිබූ වසර තුනක සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකරණය තීන්දු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

අද පැවති නඩු විභාගයේදී විනිසුරුවරුන් නියෝග කළේ ඉම්රාන් ඛාන් ඇප මත මුදා හරින ලෙසයි.