28.4 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචන්න ජයසුමන නිල නිවසින් දොට්ට දායි

චන්න ජයසුමන නිල නිවසින් දොට්ට දායි

රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටි බව කියන හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නිල නිවසෙන් නෙරපා හැරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කළේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විත්තිකරු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් නිල නිවසේ රැඳී සිටින බවත් ඔහුට ඉන් ඉවත් වීමේ නියෝගයක් පනවන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ගොනු කර තිබේ.

නඩුවට අදාළ කරුණු අධිකරණය හමුවේ තහවුරු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිල නිවසෙන් නෙරපීමේ නියෝගය අධිකරණය විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.