23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැති ඇමතිවරුන්ට ජනපතිගෙන් විදෙස් ගමන් තහනමක්

මැති ඇමතිවරුන්ට ජනපතිගෙන් විදෙස් ගමන් තහනමක්

ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 5, 6, 7 සහ 8 යන දිනවල විදේශගත වීමෙන් වළකින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනවලදී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත බැවින්න් ජනාධිපතිවරයා ඉහත නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.