― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsජේ.ශ්‍රී රංගාගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ජේ.ශ්‍රී රංගාගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන්ට එරෙහිව වව්නියාව මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ලබා දුන්නේ.

පෙත්සම්කරු කියා සිටින්නේ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව මහාධිකරණය හමුවේ තමාට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බවයි.

එම නඩුව විභාග කරන විනිසුරුවරයා පක්ෂග්‍රාහී ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් තමන්ට අගතිය සිදුවී ඇති බවත් එම නිසා අදාළ නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එහෙත් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන බව නියෝග කළා.