27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News14 හැවිරිදි මිණිපිරියට මත්පැන් පෙවූ සීයාට ඇප

14 හැවිරිදි මිණිපිරියට මත්පැන් පෙවූ සීයාට ඇප

14 හැවිරිදි තම මිණිපිරියට මත්පැන් පොවා කෲරත්වයට පත් කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ඇගේ සියා රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

සැකකරු කැකිරාව – උණගොල්ලෑව – පහළගම පදිංචි පුද්ගලයෙක්.

සිසුවිය මත්පැන් පානය කර පාසලට පැමිණීමේ දී ඒ පිළිබඳ අවධානය යොමු කළ එම ස්ථානයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇය පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර තිබුණා.

එහිදී හෙළි වුණේ සැකකාර සීයා විසින් ඇය මත්පැන් පානයට පුරුදු කරවා ඇති බවයි.