26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldටොයෝටා සමාගමේ වාහන නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවයි

ටොයෝටා සමාගමේ වාහන නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවයි

ටොයෝටා සමාගම ජපානයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිෂ්පාදන ක්‍රියාවලියේ හටගත් දෝෂයක් හේතුවෙන් එම පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දෝෂය හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් එය සයිබර් ප්‍රහාරයක් බව නොසිතන බවත් එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

දෝෂය හේතුවෙන් මෝටර් රථ උපාංග සඳහා ඇණවුම් යොමු කිරීම අපහසුවී ඇති අතර
අඟහරුවාදා උදෑසන පළමුවෙන් කර්මාන්ත ශාලා 12ක නිෂ්පාදන කටයුතු නවතා දැමුණු බවත් පසුව ඉතිරි කර්මාන්තශාලා දෙකෙහි කටයුතුද නවතා දැමූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබේ.