27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldමිනිස් මොළයකින් ප්‍රථම වතාවට වට පණුවෙක් හමුවෙයි

මිනිස් මොළයකින් ප්‍රථම වතාවට වට පණුවෙක් හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ 64 හැවිරිදි කාන්තාවකගේ මොළයක් තුළ සජීවි පරපෝෂිත පණුවෙක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවන් ආසාදනයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවටයි සැලකෙන්නේ.

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය සහ කැන්බරා රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම පණුවා සොයා ගෙන ඇති අතර මෙම පණුවා දිගින් සෙන්ටීමිටර 8ක් වන බවයි වාර්තා වන්නේ.

කැන්බරා රෝහලේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයකු වන සංජය සේනානායක පවසන්නේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් නිරන්තරෙන් මොළය ආසාදන සමඟ කටයුතු කරන බවත් මෙවන් සිදු වීමක් මීට පෙර දැක නොමැති බවත්ය.

විදෙස් මාධ්‍ය වැදිදුරටත් වාර්තා කර ඇත්තේ කාන්තාවගේ මෙම සැත්කමින් පසුව පණපිටින් දඟලමින් සිටි මෙම පණුවාගේ කීටයන් කාන්තාවගේ පෙණහළු හා අක්මාව ඇතුළු අනෙකුත් අවයවවලටත් ආසාදනය වී ඇති බවයි.