27 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංවිම හා ජපානය අතර අවබෝධතා ගිවිසුමක්

ලංවිම හා ජපානය අතර අවබෝධතා ගිවිසුමක්

ලංකා විදුලිබල මණ්ඩලය සහ ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය අතර තාක්ෂණික සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2018 වර්ෂයේ සිට ලංකා විදුලිබල මණ්ඩලය හා ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලබන අතර 2019 වර්ෂයේදී තාක්ෂණික සහයෝගිතා වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.

ඒ සඳහා වන යෝජිත තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ කෙටුම්පත් අවබෝධතා ගිවිසුම නීතිපතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිරීක්ෂණ අනුව සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.