31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවීසා ක්‍රමවේදය සරල කිරීමට අනුමැතිය

වීසා ක්‍රමවේදය සරල කිරීමට අනුමැතිය

මෙරට දැනට ක්‍රියාත්මක කරන වීසා ක්‍රමවේදය සරල කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත සහ ඒ යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසි වලට අනුකූලව මෙරටට පැමිණෙන විදේශිකයන් හට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලබයි.

පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා වර්ග දෙක යටතේ නිකුත් කරනු ලබන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙන වැඩි විදේශීය ආකර්ෂණයක් පවතින රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන බව රජය පවසයි.

ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.