26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවව්නියාවේ සිසුවෙකුට හදි කළ තවත් සිසුවෙක් අත්අඩංගුවට

වව්නියාවේ සිසුවෙකුට හදි කළ තවත් සිසුවෙක් අත්අඩංගුවට

08 හැවිරිදි සිසුවෙකුට බරපතල ලෙස ලිංගික අතවරයක් කළ තවත් පාසල් සිසුවෙක් වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුවා වවුනියාවේ වක්කකුලම් ප්‍රදේශයේ නිවසකදී අපයෝජනයට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාසල අවසන් වීමෙන් පසුව සැකකාර සිසුවා අනෙක් සිසුවාව නිවසකට රැගෙන ගොස් මුළු රැයක් පුරාම එම නිවසේ තබාගෙන සිසුවාට පහරදෙමින් බරපතල ලෙස ලිංගික අතවර සිදු
කර ඇති බවයි.

තම දරුවා පාසල් ඇරී නිවසට නොපැමිණීම හේතුවෙන් නිවසේ උදවිය වවුනියාව පොලීසියට මේ බව පැමිණිලි කර ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර සොයාබැලීමේදීයි මොවුන් දෙදෙනා නිවසක් තුළ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ලිංගික අතවරයට ලක්වූ සිසුවා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.