29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉම්රාන් ඛාන් යළි රිමාන්ඩ්

ඉම්රාන් ඛාන් යළි රිමාන්ඩ්

ඉම්රාන් ඛාන්ව එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පාකිස්ථාන අදිකරණය අද (30) නියෝග කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම සඳහා පිහිටුවා ඇති විශේෂ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි.

අද (30) පැවති නඩු වාරය සඳහා ඇටොක් බන්ධනාගාර නිලධාරීන් ඉම්රාන් ඛාන්ව බන්ධනාගාරයේ සිට රැගෙන විත් තිබූ අතර ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් ලැබුණු ත්‍යාග පිළිබඳ අසත්‍ය ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට සිර දඬුවම් නියම විය.

කෙසේනමුත් ඔහුට නියම වූ වසර තුනක සිර දඬුවම අත් හිටුවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය පසුගියදා නියෝග කළද එම අවස්ථාවේ රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා ඉම්රාන් ඛාන්ව බන්ධනාගාරයේ සිට රැගෙන එන ලෙසයි නියෝග කර ඇත්තේ.