26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැස්බෑවුන් මියයාමට හේතුව හෙළිවෙයි

කැස්බෑවුන් මියයාමට හේතුව හෙළිවෙයි

මෙරට බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූ වූ පිපිරීමකින් බවට තොරතුරු අනාවරණ වෙමින් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම තොරතුරු අනාවරණ වී තිබේ.

තහනම් කරන ලද ධීවර පන්න ක්‍රම සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීම නිසා සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් හටගන්නට ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහිදී පසුගිය 22 වැනිදා සිට මේ දක්වා බටහිර වෙරළ තීරයට ගොඩ ගැසු මියගිය කැස්බෑවුන් සංඛ්‍යාව 25කි. පිටත ආවරණයට දැඩි හානි සිදුව ඇති තවත් කැස්බෑවුන් තිදෙනෙකුට ප්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.