33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 10කට පෙර කල්ඉකුත් වූ ත්‍රිපෝෂ ගැබිණි මවුවරුන්ට බෙදලා

මාස 10කට පෙර කල්ඉකුත් වූ ත්‍රිපෝෂ ගැබිණි මවුවරුන්ට බෙදලා

පසුගියදා (28) කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කහපොල රෙජිඩේල්වත්ත මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයෙන් මීට මාස දහයකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ තොගයක් බෙදා දී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශිකාවක් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙය අත් වැරදීමකින් සිදු වූ දෙයක් බවත් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවත්ය.

එම ත්‍රී පෝෂ ලබා ගත් මවුවරු මේ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් විමසීමේදී ඇය පවසා ඇත්තේ අදාළ ත්‍රිපෝෂ මාරු කර දීමට එළඹෙන බ්‍රහස්පතින්දා රැගෙන එන ලෙසයි.