28.4 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාල්ලේ රැඳවියන්ට දිවි අහිමි කළ බැක්ටීරියාව කොළඹටත් එයි

ගාල්ලේ රැඳවියන්ට දිවි අහිමි කළ බැක්ටීරියාව කොළඹටත් එයි

මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම බැක්ටීරියාව ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුටද මරු කැඳවූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් මෙම රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ආයතනයක සේවය කරනු ලබන අතර ඔහුට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් ජනරාල් ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30 දෙනෙකු පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට පියවර ගත් බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.