29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිඹුලාගල පන්සලේ විසන්ධි කළ විදුලිය නැවතත්

දිඹුලාගල පන්සලේ විසන්ධි කළ විදුලිය නැවතත්

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කළ විදුලිය නැවත ලබාදීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පොරොන්දු වී තිබේ.

රුපියල් ලක්ෂ 57ක හිඟ විදුලි බිල වසර පහක කාලයක් තුළ ගෙවා අවසන් කිරීමේ පදනම මතයි මෙලෙස නැවත විදුලිය ලබා දී ඇත්තේ.

පසුගිය 24 වැනිදා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරුණේ වසර එක හමාරකට අධික කාලයක් තුළ එකතු වී තිබූ රුපියල් ලක්ෂ 57ක විදුලි බිල නොගෙවීම හේතුවෙනි.