29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් සද්ධන්ත අලියෙක් හිටිහැටියේම මියගිහින්

තවත් සද්ධන්ත අලියෙක් හිටිහැටියේම මියගිහින්

තඹුත්තේගම ගැමුණුපුර ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ මිය ගොස් සිටි වන අලියකුගේ මළ සිරුරක් අද (30) උදෑසන සොයා ගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30-35 අතර වයසක පසුවන පිරිමි සත්වයෙකු බවයි තඹුත්තේගම වනජීවී කාර්යාල නිලධාරීන් සඳහන් කළේ. ගැමුණුපුර ගම්මානයට යාබදව පිහිටි ගල්විහාර පුදබිම ආසන්නයේ මියගොස් සිටි මෙම වන අලියා අද අලුයම ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට සැක කෙරෙනවා.

ජීවිතක්ෂයට පත් වන අලියාගේ සිරුරේ වෙඩි සලකුණක් හෝ විදුලි සැර වැදීමක සලකුණක් දක්නට නොතිබූ අතර මුඛයෙන් සහ ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීමක් නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ හේතුවෙන් කිසියම් රෝගයකින් හෝ විෂ සහිත කෑමක් ආහාරයට ගැනීමෙන් මරණය සිදු වන්නට ඇති බවටයි වනජීවී නිලධාරීන් සැක කරන්නේ. වන අලියාගේ මරණයට නිශ්චිත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම වන ජීවී කාර්යාල නිලධාරීන් සහ තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.