27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අදයි

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අදයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද (30) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතය.

උඩරට, සබරගමුව ඇතුළු නර්තනාංග හා ඇලි ඇතුන් රැසක සහභාගීත්වයෙන් පවත්වන මෙම ඇසළ පෙරහැර මංගල්‍ය සැලකෙන්නේ මෙරට මහා කලා මංගල්‍යය ලෙසයි.

අද දිනය පුරා මහනුවර නගරයේ විශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

පෙරහැර නැරඹීමට යන සැදැවතුන් වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවා අදත් ක්‍රියාත්මකයි.