28.6 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගාලු පාරේ විශේෂ රථවාහන සැලැස්මක්

ගාලු පාරේ විශේෂ රථවාහන සැලැස්මක්

සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාලයේ පෙරහැර හේතුවෙන් හෙට (01) පස්වරුවේ සිට ලබන 4 වනදා දක්වා ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

හෙට (01) සහ අනිද්දා (02) පෙරහැර සවස 1ට ආරම්භ වී රාත්‍රී 8 දක්වා වීථි සංචාරය කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ. 03 වනදා සහ 04 වනදා රාත්‍රී 8ට ආරම්භ වන පෙරහැර පසුදා උදෑසන 6 දක්වා වීථි සංචාරය කෙරෙනවා.

මේ හේතුවෙන් පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුල එය ගමන් ගන්නා මාර්ගවල වාහන ගමනාගමනය සීමා කරන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.