31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldදකුණු අප්‍රිකාවේ ගින්නෙන් මියගිය ගණන ඉහළට

දකුණු අප්‍රිකාවේ ගින්නෙන් මියගිය ගණන ඉහළට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 70 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වනවිට මියගිය 73 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පිරිස අතර මාස 18ක් වයසැති ළදරුවෙකු ඇතුළු ළමුන් හත් දෙනෙකු සිටින බව ජොහැන්නස්බර්ග් හි හදිසි කළමනාකරණ සේවය ප්‍රකාශ කළා.

නගර මධ්‍යයේ ඇති මහල් පහකින් යුත් ගොඩනැගිල්ල භාවිතා කරනු ලබන්නේ අනවසර පදිංචිකරුවන් පිරිසක් විසින් බව සඳහන්. ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අපැහැදිලි බවයි බලධාරීන් පවසන්නේ.

ගිනි නිවන භටයින් පැමිණීමත් සමඟ ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් ඉවත් කර ඇති අතර මළ සිරුරු සෙවීම සහ බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මූලික වාර්තාවලට අනුව මෙම ගොඩනැගිල්ලේ සිටි පදිංචිකරුවන් වැඩි වශයෙන් අප්‍රිකානු සංක්‍රමණිකයන් බව සඳහන්.