26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportආසියානු කුසලානයේ ප්‍රවේශපත් ගාස්තු හදිසියේම පහළට

ආසියානු කුසලානයේ ප්‍රවේශපත් ගාස්තු හදිසියේම පහළට

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ප්‍රවේශපත් ගාස්තු හදිසියේම පහත දමන්නට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විශාල ප්‍රමාණයකින් ප්‍රවේශපත් මිල අඩු කිරීමටයි මෙවර තරගාවලිය වෙනුවෙන් සත්කාරකත්වය දරණ පාකිස්ථානය ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

මෙලෙස මිල අඩුකර ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ ප්‍රවේශපත් ගාස්තු සහ ඉන්දීය – නේපාල තරගයේ ප්‍රවේශපත් ගාස්තුයි.

ඒ අනුව මෙම තරග දෙකේ ප්‍රවේශපත් ගාස්තු රුපියල් 1500ක් වැනි මිලකට අඩුකර තිබෙනවා. මේ අතර මෙම තරග දෙකේ ප්‍රවේශපත් පල්ලේකැලේ ක්‍රීඩාංගණයෙන් ලබාගැනීමේ හැකියාව පවතින බවයි දැනුයි දෙන්නේ.

මෙවර තරගාවලියේ ප්‍රවේශපත් මිල ඉතා අධික බවට ඇතැමුන් විවිධ අවස්ථාවල දී චෝදනා එල්ල කරනු ලැබුවා. එවැනි තත්ත්වයක් තුළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවෙ දී ආරම්භ වූ පළමු තරගය වූ ඊයේ (31) පැවති ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයේ දී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ආසන රැසක් හිස්ව තිබූ ආකාරය දැකගත හැකි වුණා.