28.9 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ?

උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ?

උසස් පෙළ ප්‍රතිඵල ලබන සතිය මුල නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග ඊයේ (31) පැවසීය.

මෙම සතිය අවසානයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් පවතින තත්ත්වය මත එම ඉලක්කය සපුරා ගත නොහැකි වනු ඇතැයි ද එහි සඳහන්ය.

පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්විණි. ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් ද පෙනී සිටියහ.